‍ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේඒ ඥානවීර මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් අද (24) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

නාවික හමුදාධිපතිතුමන් හා සුහද කථාබහක නිරත වූ එම නිලධාරීන් පිරිස සේවා මුක්ත භට සංගමයේ වත්මන් ක්‍රියාකාරකම් සහ එහි සාමාජිකයින් වෙනුවෙන් සිදුකරනු ලබන සුභසාධක වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදී. එහිදී සේවා මුක්ත භට සංගමයේ අභිවෘද්ධිය සඳහා සිය උපරිම සහයෝගය ලබාදෙන බව නාවික හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරන ලදී.