වැදගත් සිදුවීම්
නාවික හමුදා මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් මුහුදු මංකොල්ලකෑම් පිළිබඳව සිය අදහස් දක්වයි
2015 සැප්තැම්බර් මස 01 වන දින යුධ හමුදාව සිසින් සංවිධානය කරන ලද ආරක්ෂක සමුළු පළමු සැසිවාරයේදී නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා විශේෂ දේශණයක් පවත්වන ලදී.
01 Sep 2015
මත් පෙති 740ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ
බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයින් විසින් වැල්ලවීදිය වෙරළ ආසන්නයේදී ත්‍රීරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ තහනම් මත් පෙති (Tramadol Capsules) 740ක් සමග සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව පොලීසියේ සහාය ඇතිව අගෝස්තු මස 31 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.
01 Sep 2015
ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා මුර සංචාරක යාත්‍රා විසින් ඊයේ (31) රාත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.
01 Sep 2015
උතුරු මැද නාවික විධානය ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ තවත් එක් අංගයක් වශයෙන් උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත, මන්නාරම ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් 2015 අගෝස්තු මස 30 වන දින තලෙයිමන්නාරම රජයේ දමිළ මිශ්‍ර පාසලේදී ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වන ලදී.
01 Sep 2015