ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තුනක් උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා මුර සංචාරක යාත්‍රා විසින් ඊයේ (31) රාත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී. වෙත්තලකේර්නි මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් නව දෙනෙකු සමග ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගත් අතර, නයිනතිව් දූපතට බටහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී තවත් ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.