නාවික හමුදාධිපති ගරු අගමැතිතුමන් හමුවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (02) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් හමුවිය.

නව නාවික හමුදාධිපතිවරයා හට සුභපැතීමෙන් අනතුරුව ගරු අගමැතිතුමන් ආරක්ෂක හා ජාතික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා නාවික හමුදාවේ උපායමාර්ගික ක්‍රමවේදයන් හා දායකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් නාවික හමුදාධිපතිතුමා සමග සුහද සාකච්ජාවක නිරත විය.

20 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් විජේගුණරත්න මහතා ගරු අගමැතිතුමන් හමුවූ පළමු නිල හමුව සනිටුහන් කරමින් මෙහිදී සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.