ඕස්ට්‍රේලියානු නාවික හමුදාව සමග ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරතවෙයි

ශ්‍රී ලංකාවේ පස්දින නිල සංචාරය නිමාකරමින් කොළඹ වරායෙන් පිටත් වූ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ ˝මෙල්බෝන්˝ නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර සහ සමුදුර යන නෞකාවන් සමග අද (02) ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත විය.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය, නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම මෙන්ම කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගැනීම සඳහා ප්‍රථිඵලදායි හා කාර්යක්ෂම දායකත්වයක් සපයන ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු නාවික හමුදා අතර සහයෝගීතාවය සහ අන්තර් ක්‍රියාකාරී හැකියාවන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඉවහල් විය.