රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියානු හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර පවත්වනු ලබන මාණ්ඩලික මට්ටමේ සාකච්ජාව සඳහා පැමිණි දූත පිරිසේ ප්‍රධානත්වය දරණ රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා අද (02) දින නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

දෙදෙනා අතර සුහද හමුවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කරුණු සාකච්ජා කළ අතර, දෙරටෙහි නාවික හමුදා අතර පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම, පස්වන වරට පවත්වනු ලබන මාණ්ඩලික සාකච්ජා වල ප්‍රගතිය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම හමුව සනිටුහන් කරමින් සහ දෙරටෙහි නාවික හමුදා අතර සුහදත්වය සංකේතවත් කරමින් රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා සහ නාවික හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.