වැදගත් සිදුවීම්

“රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් (Non-state Actors) සහ මිශ්‍ර සංග්‍රාම (Hybrid Warfare)” පිළිබඳව අද්මිරාල් කොළඹගේ මහතාගෙන් විශේෂ දේශනයක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයකට අනුව හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් “රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් සහ මිශ්‍ර සංග්‍රාම” පිළිබඳ දේශනයක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී අද (03) දින පවත්වන ලදී.

03 Sep 2015

බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ අධ්‍යයන කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ 23 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායමක් අද (03) දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

03 Sep 2015

රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියානු හා ශ්‍රී ලංකා නාවික හමුදා අතර පවත්වනු ලබන මාණ්ඩලික මට්ටමේ සාකච්ජාව සඳහා පැමිණි දූත පිරිසේ ප්‍රධානත්වය දරණ රියර් අද්මිරාල් ඩිරෙන් විග් මහතා අද (02) දින නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

03 Sep 2015