බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ අධ්‍යයන කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ 23 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායමක් අද (03) දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එම සංචාරය අතරතුර අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් චෞද්‍රි හසන් සාවර්දි මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. එහිදී පුහුණු කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් ඔවුන් සුහද කතාබහක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

අධ්‍යයන කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පිළිබඳව කෙටි හැඳින්වීමක් ද මෙ‍හිදී සිදු කෙරිණි.