“මහානාග” ආයතනයේ අලුතින් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය සහ පැසිපන්දු ක්‍රීඩා පිටිය විවෘත කෙරේ.

පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අලුතින් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනය සහ පැසිපන්දු ක්‍රීඩා පිටිය ගිණිකොන නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු එච්ආර්පී ගුණවර්ධන, ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් පීඒඑස්කේ පිටිගල ඇතුළු විධානයේ නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් ද එක්විය.

2015 අගෝස්තු මස 30 වන දින විවෘත කෙරුණු කණිෂ්ඨ නාවිකයින්ගේ නිවාඩු නිකේතනය,  ඉඩ පහසුකම් සහිත නිදන කාමර 03කින් ද, සියලු අංගෝපාංගයන් ගෙන් සමන්විත මුළුතැන්ගෙයකින් ද, කෑම කාමරයකින් හා විසිත්ත කාමරයකින් ද යුක්ත වේ. දීර්ඝකාලීනව පැවති අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදිකෙරුණු මෙම නිවාඩු නිකේතනය මගින් කණිෂ්ඨ නාවිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට සිය නිවාඩුව සුවපහසු ලෙස ගත කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසේ.

එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් වර්ධනය කර ගැනීම සඳහා ඉදිකෙරුණු පැසිපන්දු ක්‍රීඩාපිටිය 2015 අගෝස්තු මස 31 වන දින විවෘත කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දකුණු නාවික විධාන සහ ගිණිකොන නාවික විධාන පැසිපන්දු කණ්ඩායම් අතර සුහද පැසිපන්දු තරඟයක් නව ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.