ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දියානු වෙරළාරක්ෂක බලකා දූත පිරිසේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නැගෙනහිර කලාපය භාර ආඥාපති, ඉන්ස්පෙක්ටර් ජෙනරාල් සත්‍ය ප්‍රකාශ් ශර්මා මහතා අද (08) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

නැගෙනහිර කලාපයභාර ඉන්දීය වෙරළාරක්ෂක ප්‍රධානී, ශර්මා මහතා හා නාවික හමුදාධිපතිතුමන් එහිදී සුහද කතාබහක නිරත වූ අතර, ශ්‍රී ලංකා හා ඉන්දීය වෙරළාරක්ෂක මෙහෙයුම් පිළිබඳව සහ දෙරටහි නාවික හමුදා සමග සම්බන්ධීකරණය වීම තුළින් එම මෙහෙයුම් වල සාර්ථකභාවය වර්ධනය කර ගත හැකි ආකාරය පිළිබඳව එහිදී ඔවුන්ගේ අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග, ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ප්‍රවීන් සිද්ධාර්ත් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතාද සහභාගී විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.