වැදගත් සිදුවීම්

ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දියානු වෙරළාරක්ෂක බලකා දූත පිරිසේ ප්‍රධානී වශයෙන් කටයුතු කරන ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නැගෙනහිර කලාපය භාර ආඥාපති, ඉන්ස්පෙක්ටර් ජෙනරාල් සත්‍ය ප්‍රකාශ් ශර්මා මහතා අද (08) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

08 Sep 2015

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ විදුලි කාර්මික නාවිකයකු වශයෙන් රාජකාරී කළ ආර්එම්එන්සීකේ රත්නායක යන නාවිකයා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ පියා හට රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.

08 Sep 2015