නාවික හමුදාධිපති නව ආරක්ෂක ලේකම්තුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (09) නව පත්වීම් ලද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී හමුවිය.

නාවික හමුදාධිපතිතුමන් හා සුහද කතාබහක නිරත වූ ආරක්ෂක ලේකම්තුමා, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමේදී නාවික හමුදාව සතු කාර්යභාරය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර, නාවික හමුදාධිපතිතුමන් විසින් එහිදී නව ආරක්ෂක ලේකම්තුමා හට සිය සුභාශිංසන පිරිනමන ලදී.  

මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් විසින් ආරක්ෂක ලේකම්තුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.