වැදගත් සිදුවීම්

2015 වාර්ෂික පාසල් නාවික ශිෂ්‍යභටයින් ඇගයීම් කඳවුරේ දෙවන අදියර නිමාවට පත්වෙයි

2015 වාර්ෂික පාසල් නාවික ශිෂ්‍යභටයින් ඇගයීම් කඳවුරේ දෙවන අදියරෙහි සමාප්ති උළෙල, නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ආනන්ද ගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ සරඹ පිටියේ දී සැප්තැම්බර් මස 09 වන දින පැවැත්විය.

09 Sep 2015

නාවික හමුදාධිපතිතුමා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඓතිහාසික නිල සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණ නිර්මාතෘවරයා වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2015 සැප්තැම්බර් මස 06 වන දින ත්‍රිකුණාමළයේ පිහිටි වි‍ශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඓතිහාසික නිල සංචාරයක නිරත විය.

09 Sep 2015

නාවික හමුදාධිපති නව ආරක්ෂක ලේකම්තුමා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින (09) නව පත්වීම් ලද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී හමුවිය.

09 Sep 2015

අන්තර් නෞකා/යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය 2015

නාවික හමුදා දියත් විධානය මගින් සංවිධානය කරන ලද 2015 අන්තර් නෞකා/යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය සැප්තැම්බර් මස 08 වන දින ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ ව්‍යායාම් ශාලාවේදී පැවැත්විණි.

09 Sep 2015