වැදගත් සිදුවීම්

ඉන්දුනීසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික සාගරික ආරක්ෂක සමුළුවට නාවික හමුදාධිපතිතුමා සහභාගී වේ

සැප්තැම්බර් මස 15 වන දින සිට 17 වන දින දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන අන්තර්ජාතික සාගරික ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඉන්දුනීසියාව බලා පිටත්විය.

16 Sep 2015

සන්නද්ධ හමුදා මාණ්ඩලික සාකච්ජා සඳහා පැමිණි පාකිස්ථාන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන සන්නද්ධ හමුදා අතර පැවැත්වෙන මාණ්ඩලික සාකච්ජා සඳහා සහභාගීවීමට පැමිණි පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් අද (16) කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

16 Sep 2015

මුහුදු කූඩැල්ලෝ කිලෝ 932ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනී

වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය කීරිමුන්දලම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 932ක් සමග සැකකටයුතු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (15) සමත්විය.

16 Sep 2015