ධීවර යාත්‍රාවක සිටි රෝගියකු හට නාවික හමුදා සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද (21) උදෑසන ඔලුවිල් සිට නාවික සැතපුම් 45ක දුරක තිබූ “මනෝච් මල්ලි 10” නැමති ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු බේරා ගැනීම සඳහා නාවික යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කරනු ලැබීය.   

දැඩි පපුවේ වේදනාවකින් පෙළුනු රෝගියා නාවික හමුදා යාත්‍රාව මගින් ආරක්ෂිතව ඔලුවිල් වරායට රැගෙන ඒමෙන් අනතුරුව ඔහුගේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කළ අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා අක්කරෙයිපත්තු මූලික රෝහලට ඇතුළත් කෙරිණි.