වැදගත් සිදුවීම්

ධීවර යාත්‍රාවක සිටි රෝගියකු හට නාවික හමුදා සහාය

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද (21) උදෑසන ඔලුවිල් සිට නාවික සැතපුම් 45ක දුරක තිබූ “මනෝච් මල්ලි 10” නැමති ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු බේරා ගැනීම සඳහා නාවික යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කරනු ලැබීය.

21 Sep 2015

උතුරු මුහුදේ දී ආපදාවටපත් ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව බේරාගනී

පසුගිය ඉරිදා (20) උදෑසන අනලතිව් දූපතට බටහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ආපදාවටපත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.

21 Sep 2015