වැදගත් සිදුවීම්

“දියකාවා” යුද අභ්‍යාසයේ අවසන් දින සම්භාවනීය අමුත්තෙකු වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වේ

ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකයන් විසින් ඒකාබද්ධව සිදුකරන ලද “දියකාවා” ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් දින මෙහෙයුම නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්භාවනීය අමුත්තෙකු වශයෙන් සහභාගී විය.

23 Sep 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ

යාපනය, කෝවිලන් තුඩුව ප්‍රදේශයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (23)අත්අඩංගුවට ගන්නා ලදී.

23 Sep 2015