වැදගත් සිදුවීම්

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ යාත්‍රික අංශයේ නාවිකයකු වශයෙන් රාජකාරී කළ බලනැවි කේඒඑන් කුමාර, හදිසි රිය අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ පියා හට රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.

25 Sep 2015

රිච්මන්ඩ් විද්‍යා‍ලයේ පැවති ආදි බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන්ගේ දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි

ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ආදි බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන්ගේ දිනය නිමිත්තෙන් අද (24) පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

25 Sep 2015