රෝගාතුර වූ නාවිකයෙකු ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද දින (29) හොරින් ට්‍රේඩර් නමැති වෙළඳ නෞකාවේදී හදිසියේ රෝගාතුරවූ නාවිකයෙකු ප්‍රථිකාර සදහා ගොඩබිමට රැගෙන ඒමට සහාය විය.

ඕමානයේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් සිටි පිලිපීනයට අයත් මෙම වෙළද නෞකාව ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මහා රාවණා කොටුවට ආසන්න මුහුදු සීමාවේ ගමන් කරමින් සිටියදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මෙලෙස රෝගාතුර විය. මෙම රෝගියා, වෙළඳ නෞකාවේ ලාංකීය නියෝජිතවරයා සමග සම්බන්ධීකරණය වීමෙන් පසු හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා ආරක්ෂිතව හම්බන්තොට වරාය දක්වා රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.