ගංවතුරින් විපතට පත්වූවන්ට නාවික හමුදා සහය

දිවයිනේ පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගංවතුර තර්ජනයට මුහුණ දුන් ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා නාවික හමුදාව පියවර ගන්නා ලදී. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල හා ඉමදූව යන ස්ථාන වල නාවික හමුදා සහන කණ්ඩායම් සහ යාත්‍රා සැප්තැම්බර් මස 29 වන දින සිට ඔක්තෝබර් මස 01 වන දින දක්වා ස්ථානගත කළ අතර, මාර්ග අවහිරතාවයන්ට ලක්වී ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවශ්‍ය ආහාර මෙන්ම අනෙකුත් අවශ්‍යතා සපයාදීම සඳහා මෙම කණ්ඩායම් සිය සහාය ලබා දෙන ලදී.

මෙවැනි හදිසි ආපදා තත්වයන් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා නිරන්තරයෙන් නාවික හමුදාව කටයුතු කරනු ලබයි.