නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා අබාන්ස් පුද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි

ශ්‍රි ලංකා  නාවික හමුදාව විසින් ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ගෘහ විදුලි උපකරණ සඳහා දිවයිනේ ප්‍රමුඛතම ආයතනයක් වන අබාන්ස්  පුද්ගලික සමාගම ඉදිරිපත් වූ අතර, ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් නංවාලීම සඳහා නාවික හමුදාව විසින් ගනු ලබන ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ඊට අදාල ප්‍රේෂණපත 2015 ඔක්තෝබර් මස 01 වන දින අබාන්ස්  පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරි ලලින්ද්‍ර බ්‍රාහ්මන මහතා විසින් නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනමන ලදී.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ එම ක්‍රිඩාව ජනප්‍රිය කිරීම සඳහා සංවිධානය කරනු ලබන මෙම තුන් ප්‍රයාම තරාඟාවලිය 2015 නොවැම්බර් මස 01 වන දින පැවැත්වීමට කටයුතු සමිපාදනය කර ඇති අතර, ඒ සදහා ත්‍රිවිධ හමුදාව, ක්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

ජයග්‍රාහකයන් සඳහා ආකර්ෂණීය ත්‍යාග පිරිනැමෙන මෙම තරඟාවලියේ පිහිණුම් ඉසව්ව දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයේද පාපැදි සහ දිවීමේ ඉසව් දික්ඕවිට සහ උස්වැටකෙයියාව අතරද පැවැත්වීමට කටයුතු යොදා ඇත.