වැදගත් සිදුවීම්

ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය

2015 ඔක්තෝබර් මස 01 වන දින සවස යාපනය, පේදුරුතුඩුවට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු නාවික හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

02 Oct 2015

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක් ශ්‍රී ලංකා ස්වේචඡා නාවික හමුදාවේ රාජකාරී කළ සාමාන්‍ය නැවි පීජීඑස් පුෂ්පකුමාර, හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ පියා හට රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.

02 Oct 2015