උතුරු පළාත් ආණ්ඩුකාර ගරු එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ඉල්ලීමකට අනුව, උතුරේ දූපත්වල වෙසෙන සිවිල් වැසියන්ට සේවය සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ගිලන් යාත්‍රාවක් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද (05) කිලිනොච්චියේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.