බංග්ලාදේශ සන්නද්ධ සේවා යුද පාඨමාලාව හදාරන අධ්‍යයන කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් 46 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායමක් අද (06) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එම සංචාරය අතරතුර අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් මෙස්බාහ් අල් අලාම් චෞධූරි මහතා, අධ්‍යයන උපදේශක (නාවික) කොමදෝරු සයිඩ් මිස්බාහුද්දීන් අහමඩ් මහතා සහ පාඨමාලාව හදාරන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරී කපිතාන් මිර්ෂා මමූන්-අර් රාශීඩ් මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී පුහුණු කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් ඔවුන් සුහද කතාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. මෙම අවස්ථාවට නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් උදය බණ්ඩාර සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එස් අස්ලම් පර්වේස් මහතා ද එක්විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ භූමිකාව, ව්‍යුහය හා මෙහෙයුම් පිළිබඳව පැමිණ සිටි කණ්ඩායම දැනුවත්  කිරීමක් ද මෙහිදී සිදු කෙරිණි.