ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ බඳවාගැනීම් හා විභාග අංශයේ අධ්‍යක්ෂකතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ බඳවාගැනීම් හා විභාග අංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය බුපින්දර් ෂුට්ශි මහතා අද (07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී නාවික හමුදා ඉංජිනේරු නිලධාරීන් සඳහා ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය මගින් ලබාදීමට අපේක්ෂිත තාක්ෂණවේදී උපාධිය පිළිබඳව හා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් ඒ මහතා නාවික හමුදාධිපතිතුමන් හා සුහද කතාබහක නිරත විය. මෙම අවස්ථාවට නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් උදය බණ්ඩාර, අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත්, රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් පාලිත වීරසිංහ යන නිලධාරීන් ද එක්විය. සුහදතාවය සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් හා මහාචාර්යවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද මෙහිදී සිදුවිය.    

ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් පැමිණි ත්‍රිපුද්ගල කමිටුවට මහාචාර්ය ප්‍රසන්ජිත් සෙන් හා මහාචාර්ය ආර්.කේ. කාලේ යන මහත්වරුන්ද ඇතුළත් විය.