ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දස දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබයි

වසර 25 කට වැඩි නොකැළැල් අඛණ්ඩ සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පිරිනමනු ලබන විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම ප්‍රදානය කිරීමේ උත්සවය, සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 32 දෙනෙකු මෙම පදක්කමෙන් පිදුම් ලැබීය.

මෙම පදක්කමෙන් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසට, රියර් අද්මිරාල් (වෛද්‍ය) එල්. ඒකනායක, රියර් අද්මිරාල් ඩබ්.එස්. ජයසිංහ, රියර් අද්මිරාල් කේ.ජේ.සී.එස්. ප්‍රනාන්දු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ඩී.එස්. උඩවත්ත, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ඒ.ආර්. අමරසිංහ, රියර් අද්මිරාල් (විශ්‍රාමික) කේ.ආර්. සේනාධීර, රියර් අද්මිරාල් (විශ්‍රාමික) පී.ඒ.ඩී.ආර්. පෙරේරා, රියර් අද්මිරාල් (විශ්‍රාමික) එස්. දිසානායක සහ රියර් අද්මිරාල් (විශ්‍රාමික) එල්.ඩී.කේ.ටී. සේනාරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වූහ.