ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දහනව දෙනෙකු අත්අඩංගුවට ගැන

පේදුරු තුඩුවට සහ වෙත්තලකර්නි ප්‍රදේශයන්ට නැගෙනහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ට්‍රෝලර් යාත්‍රාවන්හි දළ වශයෙන් මත්ස්‍ය කිලෝග්‍රෑම් 4000 ක පමණ ප්‍රමාණයක් තිබූ අතර, දැල්ලන්, මෝරුන්, සාලයන් සහ ගල් මාළු ඒ අතර විය.  

අත්අඩංගුවට ගත් ධීවරයින්, ට්‍රෝලර් යාත්‍රා සහ එහි ඇති මත්ස්‍යයන් කන්කසන්තුරය වෙත රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර ඇත.