ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනයක් උතුරු මැද නාවික විධානයේ විවෘත කරයි

පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අළුතින් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය 2015 ඔක්තෝබර් මස 12 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් විවෘත කරන ලදී. එම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.  

අභිනවයෙන් ඉදිකරන ලද නිවාඩු නිකේතන‍ය මගින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්හට සිය නිවාඩු කාලය විවේකීව ගතකිරීමට පහසුකම් සළසා ඇත. ඒකක 04 කින් සමන්විත එහි එක් නිවාඩු නිකේතනයක් ඉඩ පහසුකම් සහිත විසිත්ත කාමරයකින්, කෑම කාමරයකින්, සියළු උපකරණවලින් සමන්විත මුළුතැන්ගෙයකින් සහ අංග සම්පූර්ණ නිදන කාමර 02 කින් යුක්ත වන අතර, නවාතැන් ගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පහසුව උදෙසා රථගාල් 02 ක් ද එහි ස්ථාපනය කර ඇත.