ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු අත්අඩංගුවට ගැනේ

පේදුරු තුඩුවට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (14) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ට්‍රෝලර් යාත්‍රාවේ දළ වශයෙන් මත්ස්‍ය කිලෝග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් තිබූ අතර, දැල්ලන්, මඩුවන් සහ කාරල්ලන් ඒ අතර විය.  

අත්අඩංගුවට ගත් ධීවරයින්, මත්ස්‍ය තොගය සහ ලෝහ බඳකින් යුත් ට්‍රෝලර් යාත්‍රාව කන්කසන්තුරය වෙත රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර ඇත.