දකුණු කොරියානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති අතිගරු චෑන් වොන්-සෑම් මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එහිදී ද්විපාර්ශික වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත වූ අතර,  එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.