වැදගත් සිදුවීම්

ඉන්දු-ලංකා නාවික අභ්‍යාසය SLINEX 2015 සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ත්‍රිකුණාමළය මුහුදේ පැවති ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය SLINEX 2015 අද (1) සාර්ථකව නිමාවට පත්විය. කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීමට මෙන්ම පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමට දෙරටෙහි නාවික හමුදාවන්ට මෙම සාගරික අභ්‍යාසය ඉතා වැදගත් විය.

01 Nov 2015

තුන්ප්‍රයාම තරඟයෙන් නාවික හමුදාව දස්කම් දක්වයි

උද්යෝගිමත් තරඟ රටාවකින් හා ආකර්ශනීය ත්‍යාගයන්ගෙන් සමන්විතව දික්ඕවිට ධීවර වරාය හා අවට ප්‍රදේශය මූලික කරගනිමින් නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කළ නාවික හමුදා තුන්ප්‍රයාම තරඟාවලිය අති සාර්ථක අයුරින් අද (1) නිමාවට පත්විය. අදියර කිහිපයක් යටතේ පැවති මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා දිවයිනේ ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සංගම් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 80ට වැඩි ප්‍රමාණයක් සහභාගී විය.

01 Nov 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ

තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) අත්අඩංගුවට ගන්නා ලදී.

01 Nov 2015