ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරිය නාවික හමුදාධිපති හමුවෙයි

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරිය වන ක්ලෙයාර් මෙට්‍රොඩ් මහත්මිය අද (9) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එහිදී ප්‍රධාන නියෝජිතවරිය විසින් 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අදහස් කරන මානුෂීය ක්‍රියාකාරකම් පිළිබද නාවික හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලදී.