වැදගත් සිදුවීම්

ත්‍රිකුණාමල‍ වියාබ මූලස්ථානයේදී විශේෂ යාත්‍රා බලඝණ දිනය සමරයි

ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ දිනය ත්‍රිකුණාමලයේ පිහිටි වියාබ මූලස්ථානයේදී අද (14) දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

14 Nov 2015

2015 අන්තර් විධාන අත්පන්දු ශූරතාවලිය

2015 අන්තර් විධාන අත්පන්දුශූරතාවලිය, නාවික හමුදාවේ සියළුම විධාන අත්පන්දු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් නොවැම්බර් මස 10 වන දින සිට 13 වන දින දක්වා ගාල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේදී පැවැත්විය.

14 Nov 2015

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී කරාතේ ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ නාවිකයින් නාවික හමුදාධිපතිගේ ඇගයුමට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවති 8වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට කරාතේ අනුශූරතාවය හිමිකරදීමට සමත්වූ නාවික හමුදා කරාතේ ක්‍රීඩකයින් 5 දෙනෙකු ඊයේ (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමන්ගේ ඇගයුමට ලක්විය.

14 Nov 2015