ගංවතුරින් විපතට පත් පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගනියි

ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) තිරියාය, කට්ටකුලම් ප්‍රදේශයේදී ගංවතුරින් විපතට පත් පුද්ගලයන් 5 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කීහිපයකට බලපා ඇති ගංවතුර තත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව මේ වන විටත් සහන කණ්ඩායම් කීපයක් සූදානම් කර ඇත.