ධීවර යාත්‍රාවක සිටි රෝගියකු ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහාය වේ

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද (16) දහවල් ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් 65ක පමණ දුරින් තිබූ “ඕෂානි 1” නැමති ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු බේරා ගැනීම සඳහා නාවික යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කරනු ලැබීය.

දැඩි පපුවේ වේදනාවකින් පෙළුනු රෝගියා නාවික හමුදා යාත්‍රාව මගින් ආරක්ෂිතව ත්‍රිකුණාමළය වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමළය මහ රෝහලට ඇතුළත් කෙරිණි.