වැදගත් සිදුවීම්

ධීවර යාත්‍රාවක සිටි රෝගියකු ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහාය වේ

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද (16) දහවල් ත්‍රිකුණාමලයේ සිට නාවික සැතපුම් 65ක පමණ දුරින් තිබූ “ඕෂානි 1” නැමති ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු බේරා ගැනීම සඳහා නාවික යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කරනු ලැබීය.

16 Nov 2015

ගං වතුරෙන් යටවූ නච්චිකුඩා, මන්දගල් ආරු පාලමෙන් සිවිල් ජනතාව එගොඩ කිරීමට නාවික හමුදාවේ සහාය

පූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නච්චිකුඩා පොලීසිය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා‍ පණ්ඩුකාභය ආයතනයේ ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝනයේ නාවික පුද්ගලයන් විසින් 2015 නොවැම්බර් මස 15 සහ 16 යන දිනයන්හිදී අයහපත් කාලගුණික තත්ව‍ය හේතුවෙන් ජලයෙන් යටවී තිබූ යාපනය-මන්නාරම (A32) ප්‍රධාන මාර්ගයේ මන්දගල් ආරු පාලමෙන් සිවිල් වැසියන් එගොඩ කිරීම සඳහා සහාය විය.

16 Nov 2015

ආරක්ෂක ලේකම් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

16 Nov 2015