පැරීසියට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට නාවික හමුදාධිපති ශෝකය පළකරයි

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ අහිංසක ජනතාව වෙනුවෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර වි‍ජේගුණරත්න මහතා අද (17) කොළඹ, ප්‍රංශ තානාපති කාර්යාලයේදී සිය ශෝකය ප්‍රකාශ කරන ලදී.

‍නොවැම්බර් මස 13 වන දින එල්ලවූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් ප්‍රංශ වැසියන් 129 දෙනෙකුගේ ජීවිත අහිමිවූ අතර, ඒ පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රංශ තානාපති කාර්යාලයේ තබා ඇති පොතේ අත්සන් තබමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තුමන්, යුද හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් ඔවුන්ගේ ශෝකය පළ කරන ලදී.