ජපාන තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු කෙනිචි සුගනුමා මහතා අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
 
එහිදී නාවික හමුදාධිපතිතුමන් ද්විපාර්ශ්වීයව වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තානාපතිතුමන් හා සුහද කතා බහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.