ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 34 දෙනෙකු මෙරටට ගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 34 දෙනෙකු යළි මෙරටට ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

ඉන්දීය අත්අඩංගුවේ පසුවූ අවසන් ධීවරයන් පිරිස වන මොවුන් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ රාජ්කමල් නෞකාව විසින් අද (21) කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණරිසි නෞකාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ CG 46 යාත්‍රාව වෙත භාරදීමට කටයුතු කර ඇත. ඒ අනුව නාවික හමුදාව එම ධීවරයින් පිරිස ආරක්ෂිතව කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, පසුව ඔවුන් යාපනය ධීවර හා ජලජසම්පත් සංවර්ධන දෙපාර්තමේන්තු බලධාරීන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.