ගාලු කථිකාව සම්මන්ත්‍රණය සාර්ථක කරගැනීම සඳහා මගපෙන්වීම ලබාදුන් ආරක්ෂක ලේකම්හට නාවික හමුදාධිපතිතුමන් කෘත‍වේදීත්වය පළ කරයි

ගාලු කථිකාව සම්මන්ත්‍රණය සංවිධානය කිරීම සඳහා මග පෙන්වීම හා සහාය ලබාදෙමින් ආරක්ෂක ලේකම්තුමන් දැක්වූ සහයෝගය පිළිබඳව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමුවී සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.

“පුළුල් සාගරික සහයෝගීතාවයක් තුළින් සමුදුරු සුරැකීම: අභියෝග සහ ඉදිරි දැක්ම” යන තේමාව යටතේ නොවැම්බර් මස 23 වන දින ආරම්භවූ මෙම සමුළුව අද (24) දින අවසන් වීමට නියමිතය. මෙවර සමුළුවට රටවල් 36ක් හා ජාත්‍යන්තර සංවිධාන 10ක් නියෝජනය කරමින් දෙස් විදෙස් විද්වතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියි.