වැදගත් සිදුවීම්
නෙදර්ලන්ත තානාපතිනිය නාවික හමුදාධිපති හමුවෙයි
නෙදර්ලන්ත තානාපතිනී, අතිගරු ජොආන් ඩූන්වර්ඩ් මැතිණිය අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
26 Nov 2015
ඕමාන් රාජකීය නාවික හමුදාවේ පුහුණු හා උපාය මාර්ග පිළිබඳ මාණ්ඩලික නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
ඕමාන් රාජකීය නාවික හමුදාවේ පුහුණු හා උපාය මාර්ග පිළිබඳ මාණ්ඩලික නිලධාරී, කොමාණ්ඩර් අලි බින් සුලායිමන් බින් අබ්දුල්ලා අලි රාවහි මහතා අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
26 Nov 2015
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් පහලොස් දෙනෙකු අත්අඩංගුවට ගැනේ
තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රී සහ අද උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.
26 Nov 2015