වැදගත් සිදුවීම්

නාවික හමුදාව දරුණු ලෙස තුවාළ ලද ධීවරයකු කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘අයෝධ්‍යා’ නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි දරුණු ලෙස තුවාළ ලැබූ ධීවරයකු අද (31) උදෑසන කඩිනම් ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

31 Dec 2015

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි නවදෙනෙකු අත්අඩංගුවට ගැනේ

කෝකිලායි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් විසි නව දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (29) අත්අඩංගුවට ගන්නා ලදී.

31 Dec 2015

නාවික හමුදා සිවිල් සේවා සාමාජිකයින් නාවික හමුදාධිපතිතුමාට උපහාර දක්වයි

නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරන සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද (30) ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

30 Dec 2015

නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනීමට දෙසැම්බර් මස 28 සහ 29 යන දිනයන්හි සමත්විය.

30 Dec 2015

රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේදී පැවැත්වෙයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුවක් දෙසැම්බර් මස 23 වන දින පානම ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේදී පැවැත්විණ.

30 Dec 2015

ශ්‍රී ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 5 දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ ලයිලා දැලක් ඊයේ (28) දහවල් කුදිරමලෙයි තුඩුව සහ පූක්කුලම් අතර මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

29 Dec 2015

වයඹ නාවික විධානය රණවිරු පවුල් සඳහා වූ වාර්ෂික සුහද හමුව උත්කර්ශවත් අයුරින් පවත්වයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා වයඹ නාවික විධානය විසින් සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 27 වන දින මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රීලංනානෞ භරණ ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

28 Dec 2015

ගින්නෙන් විනාශ වූ නිවසක් නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරේ
 

යාපනය නාට්ටකුලම් ප්‍රදේශයේදී ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසක් ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ නාවික පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කිරීමෙන් අනතුරුව උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අද (26) එම නිවෙස් හිමියන් වෙත භාර දෙන ලදී.

26 Dec 2015

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ නන්දිමිත්‍ර ඉන්දියාවේ පුහුණු සහ සුහද සංචාරයක
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු මුර සංචාරක නෞකාවක් වන සමුදුර සහ වේග මිසයිල ප්‍රහාරක නෞකාවක් වන නන්දිමිත්‍ර 2015 දෙසැම්බර් මස 21 වන දින සිට 24 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතුවල සහ සුහද සංචාරයක නිරතවිය.

24 Dec 2015

නාවික හමුදාව මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතීන් දෙකක් ස්ථාපනය කරයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතීන් දෙකක් අද (22) පූනෑව සහ කඩවත් රඹෑව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කරන ලදී.

22 Dec 2015