නාවික හමුදා 65 වන සංවත්සරය නිමිත්තෙන් උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

65 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් කන්කසන්තුරේ උතුරු නාවික විධාන මූලස්ථාන රෝහලේ දී දෙසැම්බර් මස 02 වන දින පැවැත්විණි.

උතුරු නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කළ එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා උතුරු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා හා ගොඩබිම් ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයන් 250ට අධික ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් දායක වූ අතර, එම පුණ්‍ය කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ද මනා දායකත්වයක් ලැබිණි.