වැදගත් සිදුවීම්

65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පවත්වයි

දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් දෙසැම්බර් මස 03 සහ 04 යන දිනයන්හි පැවැත්විණි.

04 Dec 2015

දකුණු මුහුදේදී තුවාල ලැබූ ධීවරයකු කඩිනමින් ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාව සහාය වේ
 

දකුණු මුහුදේ ධීවර කටයුතු වල යෙදී සිටියදී ඇසක් තුවාල වීමට ලක්වූ ධීවරයකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

04 Dec 2015

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, කුදිරමලෙයි සහ කරෙයිතිව් අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 11 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 3ක් ඊයේ (03) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

04 Dec 2015