ශ්‍රීලංනානෞ ශිල්ප සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ ස්ථාපිත කරන ලද සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය 2015 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.

මෙම පරිගණක පුහුණු මධ්‍යස්ථානය මගින් ප්‍රදේශයේ සිටින නාවික පවුල්වල දරු දැරියන් හට පරිගණක පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදාකර දී ඇත. නවීන තාක්ෂණික පහසුකම් සහිත පරිගණක යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, පරිලෝකන යන්ත්‍ර සහ බහු මාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍ර වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය මගින් පළමු වසරේ සිට නවය වසර දක්වා ඉගනුම ලබන දරු දැරියන්හට නොමිලේ පරිගණක පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දී ඇත. තවද නාවික පුද්ගලයන්ගේ බිරින්දෑ වරුවන්ටද පරිගණක පාඨමාලාවන් හැදෑරීම සඳහා මෙහි පහසුකම් සලසා දී ඇත. නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් නාවික පුද්ගලයන්ගේ සුභසාධනය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් අතර තවත් එක් අංගයක් ලෙස ආරම්භ කරන ලද මෙවැනි පරිගණක පුහුණු මධ්‍යස්ථාන, බටහිර, නැගෙනහිර සහ දකුණු නාවික විධානයන්හිද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.