වැදගත් සිදුවීම්

නාවික දිනය නිමිත්තෙන් දළදා සමිඳුන් අභියස ආගමික වතාවත් රැසක්

65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද බෞද්ධාගමික වැඩසටහන් රැසක් දෙසැම්බර් මස 08 සහ 09 යන දිනයන්හි දළදා සමිඳුන් අභියසදී පැවැත්විණි.

09 Dec 2015

ශ්‍රීලංනානෞ ශිල්ප සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ ස්ථාපිත කරන ලද සේවා වනිතා පරිගණක පුහුණු මධ්‍යස්ථානය 2015 දෙසැම්බර් මස 08 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක්ද එම අවස්ථාවට එක්විය.

09 Dec 2015