ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමළය ධීවර පරීක්ෂකගේ ද සහාය ඇතිව නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු සමග හැඹිලි දැල් 02ක් ඊයේ (10) අත්අඩංගුවට ගන්නා ලදී. ත්‍රිකුණාමළය මඩ් කෝව් ජැටිය අවට මුහුදේ දී අත්අඩංගුවට ගත් මෙම පිරිස සමග ධීවර යාත්‍රා දෙකක් සහ මාලු කිලෝග්‍රෑම් 310ක් ද අත්අඩංගුවට පත්විය.