65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ කඳවුරක් පවත්වයි
 

දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් බටහිර නාවික විධානය සංවිධානය කරන ලද විශේෂ ලේ දන්දීමේ කඳවුරක් වැලිසර නාවික රෝහලේදී දෙසැම්බර් මස 10 වන දින පැවැත්විය.

බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ සංවිධානය කෙරුණු මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා, ස්වේච්ජාවෙන් ලේ ලබාදීමට බටහිර විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් 275කට වැඩි ප්‍රමාණයක් සහභාගී විය. මේ සඳහා රාගම ශික්ෂණ රෝහලේ සහ නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය ද ලැබිණි.