වැදගත් සිදුවීම්

කොළඹ හොකී සහ පාපන්දු සමාජය පරදා නාවික හමුදා රග්බි පිල ජය ලබයි
 

නාවික හමුදා රග්බි පිල හා කොළඹ හොකී සහ පාපන්දු පිල අතර අද (12) කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති ඩයලොග් අන්තර් සමාජ ‘ඒ’ කොටසේ ලීග් රග්බි තරඟයෙන් 67-6ක් ලෙස ජය ගැනීමට නාවික හමුදා රග්බි පිල සමත්විය.

12 Dec 2015

නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
 

2015 දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත්පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ යමුණා විජේගුණරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී දෙසැම්බර් මස 12 වන දින පැවැත්විණි.

12 Dec 2015

65 වන නාවික දින සැමරුම නිමිත්තෙන් විශේෂ ලේ දන්දීමේ කඳවුරක් පවත්වයි
 

දෙසැම්බර් මස 09 වන දිනට යෙදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 65 වන සැමරුම නිමිත්තෙන් බටහිර නාවික විධානය සංවිධානය කරන ලද විශේෂ ලේ දන්දීමේ කඳවුරක් වැලිසර නාවික රෝහලේදී දෙසැම්බර් මස 10 වන දින පැවැත්විය.

12 Dec 2015