වැදගත් සිදුවීම්

නාවික නිවාස සංකීර්ණය ආරක්ෂක රාජ්‍ය ඇමති අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුර තුළ අභිනවයෙන් ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකීර්ණය අද (18) උදෑසන යෙදුනු සුභ මොහොතින්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා විසින් විවෘත කෙරිණි.

18 Dec 2015

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම්වරිය නාවික හමුදාධිපති හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ආරක්ෂක ලේකම් ඒමී සියරයිට් මහත්මිය අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

18 Dec 2015

නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති අතින් විවෘත කෙරේ
 

වැලිසර නාවික කඳවුරේ ස්ථාපිත කරන ලද නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (18) විවෘත කෙරිණි.

18 Dec 2015

නාවික නිලධාරීන් 19 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධි ලබයි
 

සපුගස් කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 9 වන පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ උපාධි ප්‍රදාන උත්සවය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී ඊයේ (17) පැවැත්වුණි.

18 Dec 2015